Followers

Thursday, September 5, 2019

දූ ප්‍රාර්ථනා






















අඩ නින්දේ සිටි ලතා තිගැස්සි ඇහැරුනේ ඇගේ නැන්දම්මාගේ ගෝරණාඩුව නිසාවෙනි.
මූසල කමට ඉර මුදුන් වෙනකල් නිදියනවා. අනේ අපොයි! මෙහෙමත් ගෑණු ඉන්නකල් හරි යයිද.
කියාගෙන ලතාගේ නැන්දම්මා වූ සිරියාවතී ඉස්තෝප්පුව දෙසට ගියේ ලතාට ඇනුම් පදයක් කියන්නාක් මෙනි.
ලතා ඉක්මණින් නැකිට ඔරලෝසුව දෙස බැලුවේ ඉබේටමය 6.00 පසු වි විනාඩි 30 ක් ගත වී ගොසිනි.
තිස්සද වත්ත පහලට ගොස් බර කල්පණාවක සිටිනවා ඇය දුටුවාය.
ඊයේ රැ මධ්‍යම රාත්‍රිය පසු වෙතත් නින්දක් නොගිය ලතා තවමත් අඩ නින්දේ මෙනි. කෙහෙරැල්ල එකට ගැට ගසා ගත් ඈ ඉක්මණින් එළියට ආවාය. එවිට ඇගේ නැන්දා වු සිරියාවතී මැගිලින් සමග කතාවක පැටලී සිටිණු ඇය දුටුවාය .ලතා බිම බලා ගත් දෙනෙතින් පියනැගුවේ තිස්ස වෙතටය.
තිස්ස ඔයා තේ බිවුවද󠇘,
ඔව්,
තිස්සගේ පිළිතුරෙන් ලතාගේ මුහුණ වැහි වලාවක් මෙන් අදුරැ වූයේ තිස්සගේ ආවේගශීලි පිළිතුරට ඇය තිගැස්සුණු නිසාවෙනි.
ඇයි ඔයා ඔහොම කල්පනා කරන්නේ ඔයා ඔහොම ඉන්නකොට මට වාවන්නැ තිස්ස.
කල්පනා කරන්න දේවල්  නැත්තේ ලතා අපි දැන් බැදලා කොච්චර කල්ද මදෑ ගමටම අඩබෙර ගහල මගුලක් ගත්තා
ඇයි තිස්ස ඔයා ඔහොම කියන්නේ අපි වෙද මහත්තයගෙන් බෙහෙත් බොනවනේ තිස්ස අපිට ඉක්මනටම දරුවෙක් ලැබෙයි අපේ මූණ දෙවියෝ බලයි තිස්ස
 මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ මට මේ හැම දෙයක්ම දාලා යන්න හිතෙනවා ඔලුව හැරිච්ච අතක
වත්ත පහල වු මානම් පදුරක් දෙස බලා සිටි තිස්ස පැවසුවේය.
තිස්සගේ වචන ලතාට ඊතල පහරක්  වැදුණාක් මෙනි දෙයියනේ මම මොනා කරන්නද මගේ කරැමේ නිසා මට දරුවෙක් නැ මං මහ කරුමක්කාර ගැනියෙක්  ඇයටම දොස් පවරා ගත්තේ ඇගේ දුක තුනි කර ගන්නාක් මෙනි.
නැන්දම්මා අලුයම සිට කුස්සියට වි කෑ මොරසන් දුන්නද ලිපේ ගින්දරවත් අවුලා නැත. ඈ ඉක්මණින් පෙරදා ලිප තිබූ අලු සියල්ල අයින් කර වතුර කේතලය ලිප තැබුවාය .
තාත්තා එන්න තේ බොන්න
පුවක් වැටියේ පුවක් අහුලමින් සිටි ජිනදාස ලතා දෙසට ආවේ තේ කහට උගුරත් බීමටය.
කොහෙද අපේ උන්දැ උදේ නැකිට්ට වෙලාවේ ඉදන් මූණ එල්ල ගෙන එහෙට යනවා මෙහෙට යනව කොහෙද මනුස්සයට කියල තේ උගුරක්වත් දෙන්න වගක් තියෙනවද
ගනන් ගන්න එපා තාත්තේ දැන් තේ එක බොන්නකෝ
දිනෙන් දින තිස්සගේ මවගේ හා තිස්සගේ නෝක්කාඩු ලතාට ඉවසීමට තරම් නොහැකි විය .නිවසේ අඩ දබර දිනෙන් දින වැඩි විය.
තිස්ස පුතා
ඕ අම්මේ
ලතා හරි මූසල ගැණියක් පු‍තේ අපි මැරෙනකල් අපිට දරුවෙක් හුරතල් කරන්න වෙන්නැ
සිරියාවතීගේ වදන් වලට තිස්සගේ හදවත කලබල විය.
කාමරයට වි කල්පනාවක සිටි ලතා සිතුවේ දින කිහිපයකට තම මහ ගෙදරට ගොස් ඒමටය.
තිස්ස මම ටික දවසකට අම්මලාගේ ගෙදර ගිහින් එන්නද
තිස්සගේ මුවින් වචනයක් පිට වීමට පෙර ,
ඔව් ඉතින් කිරිසප්පයො ඉන්නවා කියලයැ බලාගන්න
සිරියාවතීගේ වචන ලතාගේ හදවත පාරන්නට විය.
දවල් 1.00ට පමණ ලතා තම මහගෙදර බලා පටත් වුණි.
 නිවසේ කල් ගෙවත්ම බලංගොඩ  ප්‍රදේශයේ හාස්කම් සහිත දේවාලයක් පිළිබද ගමෙහි වු වැඩිහිටි කාන්තාවකගෙන් අසන්නට ලැබිණි
තොරතුරු දැනගත් ලතා  මේ දේවාලය පිළිබද තිස්සට පවසන්නට විය
දින කිහිපයකින් තිස්සගේ පැමිණීමත් සමග දෙදෙනා පිටත් වූයේ බලංගොඩ නගරයේ සිටි 20 km පමණ දුරින් වු පින්නවල ප්‍රදෙශයේ පිහිටි බොල්තුබේ දේවාලය බලාය. අලුයම 4.00 ට පමණ ගලේවෙල ප්‍රදේශයෙන් පිටත් වු ඔවුන්  දහවල් 1.00 පමණ වන විට දේවාලයට ලගා විය .
  දේවාලයේ කපු මහතාට සියල්ල පැවසූ පසු මොවුන් දෙදෙනාගේ කන්නලව්ව  පත්තිණි මෑනියන්ට භාර කලේය.
ඔය දරුවො දෙන්නට බය  වන්න කාරණා නෑ දැන් ඔක්කොම හමාරයි
තිස්ස හා ලතා දෙවාලයෙන් පිටව ගියේ මහත් සතුටිණි .
වසර දෙකකට පසු
දෙයියන්ගෙ පිහිටෙන් අද මයේ කොල්ලා සතුටින් ඉන්නේ පත්තිණි මෑණියන්ගෙ පිහිටෙන්
තිස්සගේ මව ගමෙහි වූ ගැහැණියක සමගින් පවසනවා ලතාට කන වැදුණි


4 comments: